නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා පත් කෙරේ ….

0
21
views

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර තිඛෙන අතර, නව පත්වීම හෙට (ඔක්තෝබර් 26 දින) සිට ක්‍රියාත්මක වේ.

නව පත්වීමත් සමග රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කර ඇත.

රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා අදාළ පත්වීම් ලිපිය අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතින් භාරගනු ලැබීය.

ඡායාරූප : උදේශ් ගුණරත්න – PMD

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here