සයිටම් ගැන රජයේ තීරණය සිකුරාදාට කල් යයි

0
20
views

අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබූ මාළඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධ රජයේ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කියයි.

මෙහිදී සයිටම් ආයතනය රජයේ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වඩා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතිගත වෛද්‍ය විද්‍යාලයක් ලෙස යළි ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වන ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රමිතිය පිළිබඳව අද රැස්වන ශ්‍රී ලංකා වෛද්‍ය සභා සැසිවාරයේදී ද තීන්දුවක් ගැනෙන අතර නීතිපති වරයාගේ නිර්දේශ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ යෝජනා සහ නිර්දේශද මෙහිදී සලකා බැලෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යංශ ප්‍රකාශකයෙකු ප්‍රකාශකර සිටියේ මෙම කටයුත්තේ දී වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස් හා යෝජනා නිල මට්ටමින් අවශ්‍ය නොවන බවය.

දමයන්ති ගමගේ – ලක්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here