අපි ප්‍රතිපත්ති වෙනස් කරගන්නවා – සෞදි අරාබිය නව මාවතක

0
22
views

ත්‍රස්තවාදයටත් අන්තවාදයටත් විරෝධය පළ කරන ගමන්, සෞදි අරාබිය මින් ඉදිරියට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කරන බවත්, ඕනෑම රටක, ඕනෑම ආගමක වැසියන්ට සෞදිය සමඟ මින් ඉදිරියට ව්‍යාපාරික කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන බව සෞදියේ ඔටුන්න හිමි කුමරු කියා සිටී.

32 හැවිරිදි ඔටුන්න මොහොද් බින් සල්මාන් හිමි කුමරු මේ බව කියා සිටියේ රියාද් නුවර පැවැති ජාත්‍යන්තර ව්‍යාපාරික සමුළුවක් අමතමිනි. කුමරු මෙසේ කියද්දී, රැස්ව සිටි පිරිස අසුන්වලින් නැගිට මහ හඬින් අත්පොළසන් දෙන්න වූ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

‘අපි කලින් වගේ මධ්‍යස්ථ ඉස්ලාම් දහමට අනුව කටයුතු කරනවා. ඒ අනුව අපි ලොවට වඩ වඩාත් විවෘත වෙනවා. ව්‍යාපාරික සබඳතා ඇති කර ගන්නවා. ආගම කුමක්දැයි අප බාධාවක් කර ගන්නේ නැහැ’ යැයි සල්මාන් කුමරු අවධාරණය කළේය.

සෞදිය මේ වනවිටත් ඔවුන්ගේ දැඩිමතධාරී ප්‍රතිපත්ති සෙමින් සෙමින් ලිහිල් කරමින් පවතී.

පසුගිය දා සෞදි කතුන්ට වාහන පැදැවීමේ අයිතිය පවා ලබා දීමට සෞදියේ සල්මාන් රජු කටයුතු කළේය. ඒ, රාජ ආඥාවකිනි. සෞදි කතුන්ට රිය පැදැවීමේ අයිතිය ලබන 2018 වසරේ ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වෙයි.

රොයිටර් ඇසුරෙන් ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here