බෝම්බ ගැසූ දෙදෙනෙක්ට වසර 35කට පසු මරණ දඬුවම

0
12
views

බෝම්බයක් පුපුරවා කුරුණෑගල වැල්ලව ගොඩයාය වත්තේ මුරකරු ඝාතනය කර ඔහුගේ බිරිඳගේ එක් ඇසක් අන්ධ කළැයි දෙදෙනකුට මරණ දඬුවම නියම කිරීමට වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා අද (26) නියෝග කළේය.

කුරුණෑගල වැල්ලව ගොඩයාය වතු අධිකරිවරයා ඝාතනය කිරීමට රැගෙන පැමිණ තිබූ බවද අධිකරණයේදී කියැවිණි.

මේ සම්බන්ධයෙන් කුරූණෑගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනකුගෙන් දෙදෙනකු එකී චෝදනාවන්ට වරදකරුවන් බවට නිගමනය කෙරිණ.

මුරකරුගේ බිරිඳගේ ඇසක් අන්ද කිරීමේ වරදට මෙම විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන්ව වසර හත බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් ද නියම කෙරිණ.

පැමිණිලිකාර පාර්ශවයට රුපියල් ලක්ෂ දෙක බැගින් වෙන්ව වෙන්ව වන්දි ගෙවන ලෙසට වැරදිකරුවන්ට තවදුරටත් නියෝග කෙරිණ.

රුපියල් 1500 බැගින් වෙන් වෙන්ව දඩ මුදල් ද විත්තිකරුවන් දෙදෙනාට නියම කෙරුණු අතර එම දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් ඔවුනට තවත් මාස හය බැගින් වෙන් වෙන්ව සිර දඩුවම් නියම කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

මෙසේ මරණ දඩුවම නියම වූයේ කුරුණෑගල වැල්ලව මරාගම පදිංචිකරුවන් වන ගනුපාල වීරතුංග සහ මයිකල් ඩයස් යන විත්තිකරුවන්ටය .

විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති සියලූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

වැල්ලව මාරගම පදිංචි සුමන චන්ද්‍ර ගමගේ නැමති මෙම නඩුවේ තුන් වැනි විත්තිකරුට එරෙහිව තිබූ සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

1982 වසරේ ජූලි මස 28 වන දින හෝ ඊට ආසන්න දිනයක කුරුණෑගල මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් වැල්ලව ගොඩයාය වතු යායේදී විත්තිකරුවන් මෙම අපරාධය සිදු කර තිබිණි.

මෙම අපරාධය සිදු වී වසර තිස් පහකට (35) පසුව නඩුව විභාගය අවසන් කර එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි.

උපාලි ආනන්ද – ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here