(විනීතා එම් ගමගේ)
පළාත් පාලන මැතිවරණයට අදාල සභික සංඛ්‍යාව සඳහන් වන ගැසට් පත්‍රය ලබන බදාදා (නොවැම්බර් 1) නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.
ඊට පෙර අඹගමුව හා නුවරඑළිය ප්‍රාදේශිය සභා දෙක ප්‍රාදේශිය සභා තුනක් බවට පත් කිරීම පිළිබඳව 31 වැනිදා පැවැත්වෙන කැබිනට් රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීවේය.
කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බදාදා ගැසට් පත්‍රය නිකුත් කරන බවත් ජනවාරි මාසය අවසානයේ මැතිවරණය පැවැත්වෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
තමන්ට මැතිවරණ දිනය නියම කළ නොහැකි වුවත් ඒ සඳහා වන පිච් එක සැකසූ බවත් පිටිය හා බෝලය සූදානම් බැවින් මැතිවරණ කොමසාරිස්වරයාට කැමති අවස්ථාවක තරගය ඇරඹිය හැකි බවත් මුස්තාපා මහතා පැවැසුවේය