නැගණියගේ අනියම් ඇසුර දෙදෙනෙකුට මරු කැඳවයි.

0
70
views

– දැරණියගල පොලිස්‌ වසමේ රන්වල මාලිබොඩ ප්‍රදේශයේදී පෙරේදා (25 දා) රාත්‍රි පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කර ඇගේ සිව් හැවිරිදි සහ සත් හැවිරිදි දියණියන් දෙදෙනාට පහර දී බරපතළ තුවාල සිදුකර ඇත. තුවාල ලැබූ දරු දෙදෙනා අවිස්‌සාවේල්ල රෝහලට ඇතුළත් කර සිටිති.

කාන්තාව ඝාතනය කළ ස්‌ථානයට මීටර් 60 ක්‌ පමණ දුරින් තවත් පුද්ගලයකු ද ඝාතනය කර තිබියදී පොලිසියට හමුවී ඇත. එම පුද්ගලයා ද මියගිය කාන්තාවගේ නැගණිය සමඟ අනියම් ඇසුරක්‌ පවත්වාගෙන ගිය අයකු බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

එසේ මියගොස්‌ ඇත්තේ දැරණියගල රන්වල මාලිබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්ති හේමලතා නමැති 42 හැවිරිදි කාන්තාවක සහ මාලිබොඩ හිඟුරල ප්‍රදේශයේ පදිංචිව සිටි දෙවිපහළ දරයලාගේ රූපසිංහ නමැති 50 හැවිරිදි අයෙකි.

මෙම ඝාතන සහ පහරදීම් සිදුකර ඇත්තේ මියගිය කාන්තාවගේ නැගණිය සමඟ අනියම් ඇසුරක්‌ පවත්වාගෙන ගිය පුද්ගලයකු බවත් ඔහු හඳුනාගෙන ඇති බවත් උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ ‘දිවයින’ට පැවසීය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට දැරණියගල සහකාර පොලිස්‌ අධිකාරි සේනක වීරසිංහ මහතාගේ උපදෙස්‌ මත දැරණියගල පොලිස්‌ ස්‌ථානාධිපති එම්. දේවප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

චමින්ද සිල්වා, තල්`දුව අංජුල නිශාන්ත, කොස්‌ගම ශාන්ත කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here