මව්බිම පත්තරය ලියු පච ලිපිය අතේ මාට්ටුවෙයි…

0
37
views

කොළඹ විශ්ව විද්‍යාලයීය ජනමාධ්‍ය අංශය 2020 ජනාධිපතිවරයා කවුරු විය යුතුදැයි සමීක්ෂණයක් සිදුකර ඇතැයි ඒ සමීක්ෂණය අනුව ගෝඨාභය රාජපක්ෂ 2020 මෙරට ජනපති වියයුතුයැයි බහුතර කැමැත්ත ප්‍රකාශ කර ඇතිබව සදහන් පසුගිය ඉරිදා මව්බිම ප්‍රධාන සිරස්තලය කොළඹ විශ්ව විද්‍යාලයීය ජනමාධ්‍ය අංශය ප්‍රතික්ශේප කර ඇත.

ඉරිදා මව්බිම කතෘ මණ්ඩල අධ්‍යක්ෂ වෙත ලිපියක් නිකුත් කරනු ලබන ජනසන්නිවේදන අංශයේ ප්‍රධානී මහාචාර්ය සමන්ත හේරත් මහතා ප්‍රකාශ කරන්නේ තම ජන මාධ්‍ය අංශය මගුන් හෝ කොළඹ විශ්ව විද්‍යාලය මගින් හෝ එවැනි අධ්‍යනය සමීක්ෂණයක් සිදුකොට නොමැති බවයි.

එම සාවද්‍ය සමීක්ෂණ වාර්තාවට අනුව ගෝඨාභය රාජපක්ෂ 39.18% ප්‍රතිශතයක්ද සජිත් ප්‍රේමදාස 28.64% ප්‍රතිශතයක්ද ලබා තිබුණි. කොළඹ විශ්ව විද්‍යාල උපකුලපතිවරයා ජනසන්නිවේදන අංශ ප්‍රධානී හරහා යොමුකල ලිපිය මගින් මෙම සාවද්‍ය පුවත වහාම නිවැරදි කරන ලෙසත් එකී සාවද්‍ය ප්‍රවෘත්තියට ලබාදුන් ප්‍රතිචාරයම මේ සදහාද ලබාදෙන ලෙස ඉල්ලා ඇත. එසේ නොවුන හොත් විශ්ව විද්‍යාලයේ කීර්තිනාමය වෙනුවෙන් නෛතික ක්‍රියා මාර්ග ගන්නා බවද එම ලිපියේ සදහන්වේ.

මෙහි ඇති අවාසනාවන්තම තත්වය වනුයේ ලැබී ඇති මාධ්‍ය නිදහස භාවිතා කරමින් එය වල් බුරු නිදහසක් කරගන්නා මෙවන් ආයතන තම දේශපාලන උවමනාව වෙනුවෙන් මාධ්‍ය ගණිකා සේවයේ යෙදවීම තුලින් සමස්ත ජන සමාජයට විශාල හානියක් සිදු කිරීමයි. ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු විය යුතු අතර මෙවන් බොරු ප්‍රචාර තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් සිදු කරනා පාර්ශව වෙත නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක වීම සිදු විය යුතුය…

කොළඹ විශ්ව විද්‍යාලය මගින් යොමුකල ලිපිය පහතින් බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here