දුම්රියට එහෙමනම් සෞඛ්‍යටත් මෙහෙම විය යුතුයි. එහෙම නැතිනම් සෞඛ්‍යත් සටනට…..

0
19
views

ලසිත දුමින්ද

දුම්රිය සේවාවන් තුළ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමේදී සෞඛ්‍ය සේවාවන් තුළ පවතින වැටුප් විෂමතාව දෙගුණ වන බව ද, එසේ වුවහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්‌ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසීය.

දුම්රිය සේවාව තුළ හඳුනාගත් වැටුප් විෂමතා නිවැරදි කිරීමට වෘත්තීය සමිතියක්‌ වශයෙන් තමන්ගේ කිසිදු විරුද්ධත්වයක්‌ නොමැති බව සමන් රත්නප්‍රිය මහතා කොළඹ ඊයේ (12 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මේ වන විට සෞඛ්‍ය සේවාවන් තුළ ද වැටුප් විෂමතා පවතින බව කී සමන් රත්නප්‍රිය මහතා, වැඩවර්ජනයක නිරතව සිටින දුම්රිය සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කළහොත් සෞඛ්‍ය සේවාවන් තුළ පවතින වැටුප් විෂමතාව දෙගුණයක්‌ වන බව ද කීවේය.

එම හේතුවෙන් සෞඛ්‍ය සේවාවට ද අසාධරණයක්‌ වන බව ද, එසේ අසාධාරණයක්‌ නොකිරීම රජයේ වගකීම වන බව කී සමන් රත්නප්‍රිය මහතා සෞඛ්‍ය සේවාවේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා විසින් කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළේය.

දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමේදී සෞඛ්‍ය සේවාවට වන අසාධාරණයට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා බව ද, එහිදී ජනතාවට වන අසාධාරණයට රජය වගකිව යුතු බවද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here