විමල් වීරවංස මැතිතුමාට සහ එතුමාගේ නෝනාට. යාන්තං කට විතරයි ඉතුරු වෙලා තියෙන්නේ – SB

0
204
views

අසූචි සහ අසූචිවලට ලොකු නෑදෑකමක් තිබෙනවා විමල් වීරවංස මැතිතුමාට සහ එතුමාගේ නෝනාට. යාන්තං කට විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ගිලෙන්නේ නැතුව. බොහොම ලේසියෙන් අසූචි අනුභව කරන්න පුළුවන්. එයාගෙන් ඊට වඩා දෙයක් බලාපාරොත්තු වෙන්න බැහැ. හැබැයි එකක් කියන්න පුළුවන්. අපි ජීවිතේට එතුමාව ගන්නේ නැහැ

මේ වනවිට පොහොට්ටුවෙන් කැඩිලා අපේක්ෂකයෝ අපිට එනවා. සමහර තැන්වල ඒ අයට අපේක්ෂකයෝ හොයා ගන්න අමාරු වෙලා තියෙනවා. ප්‍රබල ලෙස එක්සත් ජාතික පක්ෂයේ අය ස්වාධීනව තරඟ කරන තත්ත්වයට ඇවිත්. ජාතික වශයෙන් ගත්තම අපි දස අවුරුද්දක් ආණ්ඩු කරපු ප්‍රධාන පක්ෂය. බහුතරයක් අපිත් එක්ක තරඟ කරනවා. එදා 94 ඉඳන් අපිත් එක්ක හිටපු සන්ධානයෙන් 90%ක් අපිත් එක්ක ඉන්නවා. කොමියුනිස්ට් පක්ෂය හැමදාම මන්ත්‍රීවරු දිනලා ආපු පක්ෂය. ඒ අය අපිත් එක්ක. සමසමාජ පක්ෂයට දිනාගන්න බැරිවුණා. හැමදාම ජාතික ලැයිස්තුවෙන් ආවේ. ඒ අය නැති වුණාට එතරම් ගැටලුවක් අපට නැහැ. නමුත් මහජන එක්සත් පෙරමුණ දිනලා ආවේ. ඒත් ඒකෙන් ආපු දෙන්නගෙන් එක්කෙනෙක් අපිත් එක්ක. ඒ කියන්නේ පක්ෂයෙන් 50%ක් අපිත් එක්ක. තොණ්ඩමන් තමයි අපේ සන්ධානයේ හිටපු ලොකු ම පක්ෂය. මෙවර තොණ්ඩමන් ඉන්නේ අපිත් එක්ක. හේවාහැට ආසනයටත් අපේක්ෂකයින් දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා ඇත්තටම සන්ධානයෙන් 90%ක්ම අපි ළඟ තියාගෙන මේ මැතිවරණයට මුහුණ දෙන්නේ. ඒවගේම තමයි මීට පෙර පක්ෂයේ නියෝජ්‍ය නායකවරු, මහලේකම්වරු, උප නායකවරු පක්ෂය දාලා ගිය අවස්ථාවලත් පක්ෂය කඩා වැටුණේ නැහැ. අවසානයේ ඒ අය නැවත අපි ළඟට ආවා. මේ ඉතිහාස කතාව වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රීලනිපය හොලවන්න බැහැ. අපි මේ පාර ශ්‍රීලංකා නිදහස් පක්ෂය බහුතරයක් ඡන්ද ගන්නවා. ඒ විතරක් නොවෙයි මුස්ලිම් ඡන්ද අපිට මෙවර ගොඩක් ලැබෙනවා. ඒ තුළ ජයග්‍රහණය ගැන ගැටලුවක් නැහැ.

එස් බි දිසානායක මහතා විසින් මෙම අදහස් පල කලේ අද දින (19) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලදී එජනිස නාමයෝජනා භාරදුන් අවස්ථාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here