නිකුත් වූ A/L ප්‍රතිපල අනුව ප්‍රථමස්ථාන දිනා ඇති සිසු සිසුවියන් මෙන්න…

0
15
views

කලක් තිස්සේ පැවැති ‘කොළඹට කිරි ගමට කැකිරි‘ අධ්‍යාපන පිළිවෙතේ පැහැදිලි වෙනසක් එළි දක්වමින් ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන්ගේ ඉරණම විසඳන 2017 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද උදෑසන නිකුත් වූයේ සම්මත කොළඹ ප්‍රධාන විදුහල් වලින් එකකට පමණක් දිවයිනේ ප්‍රථම ස්ථානය ලඟා කර දී අනෙක් සියළුම ප්‍රථම ස්ථානයන් දිවයිනේ දුර බැහැර විදුහල් වලට ලැබෙමිනි.

 අනුව වෙනදා කොළඹ රෝයල්, විශාකා, ආනන්ද, දේවි බාලිකා ආදී විදුහල් බෙදා ගන්නා දිවයිනේ ප්‍රථම ස්ථාන මෙවර හිමි වී ඇත්තේ කොළඹ දේවි බාලිකා විදුහලට පමණි.

ඒ පොදු විෂයධාරා අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග ශිෂ්‍යාව විසින් දිනාගැනීමෙනි.

අනෙකුත් දිවයිනේ ප්‍රථම ස්ථාන දිනාගෙන තිබුනේ මෙසේය.

ජීව විද්‍යා අංශයේ දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පළිහක්කාර ශිෂ්‍යාව විසින් අත්කරගන්නා ලදි.

ජෛව තාක්‍ෂණවේදය අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම විසින් දිනාගන්නා ලදී.

ඉංජිනේරු තාක්‍ෂණවේදය අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ රන්සිරිනි හෙට්ටිආරච්චි ශිෂ්‍යාව විසින් දිනාගන්නා ලදී.

භෞතික විද්‍යා අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දිවාකරන් සිසුවා විසින් දිනාගන්නා ලදි.

වාණිජ අංශයේ දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දුලානි රන්තිකා ශිෂ්‍යාව විසින් අත්කරගන්නා ලදී. ( මාතර සුජාතාවට ප්‍රථමස්ථාන දෙකක් හිමිව තිබේ.)

කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පත්බේරියේ මුනින්ද්‍රවංශ හිමියන් විසින් අත්කරගන්නා ලදී. (මෙහි විශේෂත්වය වන්නේ උසස් පෙළ කලා අංශයේ පළමු ස්ථානය හිමිනමක් විසින් හිමිකරගන්නා ලද පළමු අවස්ථාව මෙය වීමයි)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here