ජනපති මෛත්‍රී කඩුව අතට ගනී…

0
17
views

රටේ පිරිසිදු දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීමට යන ගමනේදී තමන්ගේ කඩුවට කැපී යන්නේ කවුරුන්ද යන්න තමාට ප්‍රශ්නයක්‌ නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (28 වැනිදා) ප්‍රකාශ කළේය.

එහිදී තම කඩුවට කැපෙන්නෙ මොන පක්‍ෂයද, තමාගේ කුමන ඥතියකුද, තමාගේ කුමන හිතවතෙකුද හෝ කාගේ කවුරුන්ද යන වග තමාට වැදගත් නැතැයිද ජනාධිපතිවරයා පැවැසීය.

භගවත් ගීතාවේ දැක්‌වෙන නාගර්ජුනගේ කඩුවට ඥතීන්, හිතවතුන්, මිත්‍රයන් යන ඕනෑම කෙනෙක්‌ කැපී යයි යන ප්‍රකාශයද උපුටා දක්‌වමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමග එක්‌ව සිටින දේශපාලන පක්‍ෂ 31 ක නායකයන් සහ නියෝජිතයන් සමග “නිදහසේ සම්මුතිය” එළිදැක්‌වීමේ උළෙලේදී ජනාධිපතිවරයා එසේ කීය. කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28 දා) උදැසන එම උත්සවය පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here