දිනකට තක්කාලි ගෙඩි දෙකක් කන්න.. ප්‍රතිපල පුදුමයි…

0
17
views

දිනකට තක්‌කාලි දෙකකට වඩා අනුභව කරන වැඩිහිටි පුද්ගලයකුට පෙණහලු රෝග වැළඳීමේ අවදානම අඩු බව ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක්‌ විසින් සොයා ගෙන ඇත. එසේම දිනකට පලතුරු වේල් තුනක්‌ අනුභව කරන අයද මෙසේ ශ්වසන රෝග වලින් වැළකීමේ වාසිය ලබා ගන්න බව ඔවුන් සොයා ගෙන ඇත .

දුම් පානය නතර කර ඇති පුද්ගලයකුගේ පෙණහලුවලට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව කෑම වේලක්‌ සතුව පවතින බව ඔවුන් ගේ අධ්‍යයන වාර්තා වල සඳහන් බව බල්ටිමෝර් හි Johns Hopkins Blooming School
of Public Health ආයතනයේ සේවයේ නියුතු වැනෙස්‌සා ගාර්ෂියා ලාසන් ඇයගේ ප්‍රකාශයක සඳහන් කර ඇත .

කිසිම දිනක දුම් පානය නොකළ පුද්ගලයකුගේ වුවද පෙණහලු වයස්‌ගත වීම සමඟ දුර්වල නොවීම සඳහාද පලතුරු බහුල ආහාර වේලක්‌ උපකාරී වන බව ද එම අධ්‍යයන වාර්තා වල සඳහන් වේ.

යුරෝපයේ ශ්වසනය සම්බන්ධව පළ කෙරෙන සඟරාවක සඳහන් වන අන්දමට මෙම පරීක්‌ෂණ සඳහා මිනිසුන් 680ක්‌ පමණ ලියාපදිංචි වී ඇත . එම පරීක්‌ෂණ සඳහා සහභාගී වූ අයට ප්‍රශ්න මාලාවකට පිළිතුරු සැපයීමට සිදුවූ අතර පෙණහලු ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්‌ෂණ දෙකකට ද, පරීක්‌ෂණ කටයුතු ආරම්භයේදී මෙන්ම වසර 10 කට පසුවද මුහුණ දී ඇත. එම පරීක්‌ෂණ වලින් එකකදී, තත්පරයක්‌ තුළ පුද්ගලයකු ප්‍රශ්වාස කරන වායු ප්‍රමාණයද, තත්පර 6 ක දී කෙනෙකු ආශ්වාස කරන වායු ප්‍රමාණයද පරීක්‌ෂණයට ලක්‌ විය .

මෙම පරීක්‌ෂණයට සහභාගී වූ අයගේ උස, බර ,ස්‌ත්‍රී පුරුෂ භාවය , ආදායම , ශාරීරික ක්‍රියාකාරිත්ව මට්‌ටම් ආදී කරුණු ද විශ්ලේෂණ කටයුතු වලදී සැලකිල්ලට ගත් බව මෙම සෞඛ්‍ය පරීක්‌ෂක කණ්‌ඩායම පවසා ඇත .

ඔවුන් සොයා ගෙන ඇති කරුණු අතර අවුරුදු තිහෙන් පසු පෙණහලු දුර්වල වීම දිනකට තක්‌කාලි 2ක්‌ හෝ අනෙක්‌ පලතුරු වැඩිපුර අනුභව කරන අයගේ ඉතා සෙමින් සිදුවන බවද , දුම් පානයට හුරු වී සිට පසුව නවත්වා දැමු පුද්ගලයන් මෙම ආහාර භාවිතයෙන් ලබා ගන්නා අදහා ගත නොහැකි අන්දමේ වාසි සහගත තත්ත්වයද ඉතා වැදගත් වේ. මෙම වාසි ලබා ගත හැක්‌කේ නැවුම් එළවලු සහ පලතුරු භාවිතයෙන් පමණක්‌ බවද ඔවුන් අවධාරණය කර ඇත .

ශ්වසන රෝග ඇති අයට මෙසේ නියම කරන ලද ආහාර වේලක්‌ ලබා ගැනීම තුළින් ඉතා සුවදායී තත්වයක්‌ ලඟා කර ගත හැකි බව ගාර්ෂියා ලාසන් සඳහන් කරන අතර , එසේ පාලනය කර ගත හැකි රෝග අතර chronic obstructive pulmonary
disease [COPD] තත්ත්වයද වේ . ආහාර පාලනයක්‌ තුල [COPD] තත්ත්වයද ව්‍යාප්ත වීම පවා වළක්‌වා ගත හැකි බව මේ පරීක්‌ෂණ මඟින් ඔප්පු වී ඇත .

මෙම පරීක්‌ෂණ වලදී සිදුව ඇති අඩුපාඩුවක්‌ නම්, ඒ සඳහා සහභාගී වූ පුද්ගලයන්ගේ ආහාර පිළිබඳව නිරීක්‌ෂණය කර ඇත්තේ පරීක්‌ෂණ කටයුතුවල මුලදී පමණක්‌ වීමය .

චාරුන්‍යා දෙහිගම

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here