මුළු කැකිරාවම කම්පනය කරමින් සිදුවූ දෙදරු මවගේ ඝාතනයේ සුලමුල හෙළිවේ…

0
14
views

ප්‍රදේශයම කම්පා කරවමින් ඉකුත් 29 වැනිදා කැකිරාවේ සිදුව තිබූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ඝාතකයා හා එම ඝාතනයට යොදා ගත් පිහියක්ද සමග අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලූ නිලධාරින් සමත්ව තිබෙනවා.
ඒ එම ඝාතනය සිදුවී පැය 48ක් වැනි කාලයක් තුළයි.අත්අඩංගුවට පත් සැකකරු පෙරේදා (0)1 කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් ජේ.එම් කොස්වත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබුණා.
එලෙස ඝාතනයට ලක්වූයේ කැකිරාව ඔලොම්බෑව පාර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙයියදු මොහොමදු බුහාරිගේ මර්ලියා නමැති 57 හැවිරිදි දෙදරු මවක්.
ඉකුත් 29 වනදා උදෑසන ඇය පදිංචිව සිටි නිවසේ කාමරයක් තුළදි ගෙල කපා සාහසික අයුරින් ඇය ඝාතනය කර තිබුණා.
අදාළ ඝාතනයේ සැකකරු පෙරේදා 31 සවස කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති සැකකරු ඔලොම්බෑව ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තාවුණේ.
පෞද්ගලික ආරවුලක් මත සැකකරු එම සාහසික මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

පාපැදියකින් පැමිණ ඇති ඝාතකයා අදාල කාන්තාව ඝාතනය කිරීමට යොදා ගත් බව කියන ලේ තැවැරුණ පිහියක් ද සැකකරු සිය නිවසේ සඟවාගෙන තිබීයදී පොලිසිය සොයා ගෙන තිබෙනවා. එම පිහිය සැකකරුගේ නිවසේ කුස්සියේ වලංමැස්සක සඟවා තිබියදී සොයා ගත් බවද පොලිසිය පැවසුවා.
විමර්ශන කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ තියුණු විමර්ශණ දක්ෂතා මත පැය ගණනක් ඇතුළදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණා.
අදාළ ඝාතනයෙන් පැය කිහිපයකට පසු තත්ත්වය සොයා බැලීමට තමන් යළි එම ස්ථානයට ගිය බවත් පසුව තමන් අතින් ඝාතනය වූ කාන්තාවගේ මෘත දේහය භූමිදානය කරන ස්ථානයට ද යළි වතාවක් ගිය බව ද සැකකරු කර ඇති පාපොච්චාරණයේ දී පවසා ඇතැයි පොලිසිය පවසනවා.
අත්අඩංගුවටපත් සැකකරු පෙරේදා (01) කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් ජේ.එම් කොස්වත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here