චෝදනා පිලිගන්න බෑ.. අපි නඩු දානවා..- රවීගේ නීතීඥයන් කියති..

0
25
views

මහ බැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්දයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසම විසින් හිටපු මුදල් ඇමති රවී කරුණානායකට පමණක් චෝදනා එල්ල කිරීම කිසිසේත්ම අනුමත කල නොහැකි යයි ඒ මහතාගේ නීතීඥයින් සදහන් කරති.

වෙබ් අඩවියක් හා අදහස් පල කරමින් ඔහුගේ නීතීඥයෙකු සදහන් කර ඇත්තේ අදාල සිදුවීම වන කාලයේ මහ බැංකුව තිබුනේ රවි කරුණානායක මහතා යටතේ නොවන බවයි.

එනිසා බැදුම්කර තිකුතුවේදී සිදුව ඇති බව කියන රුපියල් මිලියන 11,000කට වැඩි අලාභයට රවී කරුණානායක හිටපු ඇමතිවරයා පමණක් වරදකරුවකු කිරීම සාධාරණ නොවන වබද ඔහුගේ අදහසයි.

තම සේවාදායකයා බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දුන්නේ ඒ සදහා සයාට වීමට බවත් එහිදී බොරු සාක්ෂි දුන්නේ යයි එල්ල වන චෝදනාව කිසිසේත්ම පිලි නොගන්නා බවත් ඊට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සදහන් කර ඇති ඔහු සෙසු කාරනා ගැන අදහස් පල කිරීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

වත්මන් යහපාලන ආණ්ඩුව ආරම්භයේ ශ‍්‍රී ලංකා මහ බැංකුව තිබුනේ අගමැතිවරයාගේ අමාත්‍යංශය යටතේය.

උපුටාගැනීමhttp://lankacnews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here