කප්පම් ලබාගැනීමට පැහැරගත් ධනවත් ව්‍යාපාරිකයාගේ පුත්‍රයාට වෙච්ච දේ…

0
16
views

රුපියල් කෝටි තුනක කප්පම් මුදලක්‌ ලබා ගැනීම සඳහා ඉකුත් 05 වැනිදා පැහැර ගෙන ගිය ත්‍රිකුණාමලයේ ධනවත් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ගම්පහ මිරිස්‌වත්ත ප්‍රදේශයේ මහ මඟ දමා ගොස්‌ සිටියදී පොලිසිය විසින් ඊයේ (08 වැනිදා) සොයා ගෙන ඇත.

මෙසේ සොයා ගත් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ත්‍රිකුණාමලයේ පොලිසිය වෙත භාරදී ඇති අතර පොලිසිය ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.

ඉකුත් පස්‌වැනිදා රාත්‍රි සිය පෙම්වතියගේ නිවසට ගොස්‌ එමින් සිටියදී මෙම තරුණයා පැහැර ගනු ලැබූ අතර පැහැරගත් කණ්‌ඩායම පවුලේ ඥතීන්ගෙන් රුපියල් කෝටි තුනක මුදලක්‌ කප්පම් ලෙස ඉල්ලා තිබිණි.

තරුණයා සිය පෙම්වතිය බැලීමට ගිය යතුරුපැදිය පාලයුත්තු කැලෑ ප්‍රදේශයක දමා ගොස්‌ තිබියදී හමු වූ බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ත්‍රිකුණාමලය අපරාධ කොට්‌ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.

සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here