ගර්භණී මවුවරුන් මන්නාරම රෝහල ඉදිරිපිට විරෝධතාවයක….

0
11
views

මන්නාරම රෝහලේ ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරුන් නොමැතිකම නිසා ගර්භණී මවුවරුන්ගේ සායන කටයුතු ඇනහිට තිබීමට එරෙහිව මන්නාරමේ ගර්භණී මවුවරු සිය ගණනක්‌ රෝහල ඉදිරිපිට මහා මාර්ගය අහුරාලමින් ඊයේ (8දා) දහවල් විරෝaධතාවක නිරත වූහ.

මෙම විරෝධතාවට එම ගැබිනි මවුවරුන්ගේ ස්‌වාමිපුරුෂයෝද සහාය දැක්‌වූහ.

පොලිසිය පැමිණ මෙම ගර්භණී මවුවරුන් විරෝධය දැක්‌වූ ස්‌ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ ගත් අවස්‌ථාවේදී ඔවුන්ගේ සැමියන් විරුද්ධ වූ අතර පොලිසිය රෝහල් බලධාරීන් සමඟ සාකච්ඡා කොට ගර්භණී මවුවරුන් ගෙන් දස දෙනකුට රෝහල් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්‌ථාව සලසා දුන්නේය.

එම සාකච්ඡාවේදී ප්‍රකාශ වූයේ මන්නාරම රෝහලට අවශ්‍ය නාරි රෝග විශේෂඥවරයකු හා තවත් වෛද්‍යවරුන් කීප දෙනකු ද රසායනාගාර නිලධාරීන් ද වසර දෙකක සිට ඉල්ලා සිටින නමුත් ඒ පිරිස ලබා නොදීම නිසා රෝහලේ සායන කටයුතු පවත්වා ගෙන යැමට නොහැකි බවයි.

මීට විකල්පයක්‌ වශයෙන් මන්නාරම රෝහලේ ගර්භණී මවුවරුන්ට සායන පැවැත්වෙන දිනවලදී වවුනියාව මහ රෝහලෙන් වෛද්‍යවරුන් හා රසායනාගාර නිලධාරීන් පිරිසක්‌ කැඳවා ලබන සතියේ සිට විධිමත් අන්දමට ගර්භණී සායන පැවැත්වීමට මන්නාරම රෝහලේ බලධාරින් තීරණය කොට එම තීරණය විරෝධතාවේ නිරතව සිටි ගර්භණී මවුවරුන්ට දැනුම් දීමෙන් පසුව එම විරෝධතාව අවසන් විය.

දිනසේන රතුගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here