කාන්තාවටත් මත්පැන් මිලදී ගන්න පුළුවන් – තහනම ඉවතට – මුදල් අමාත්‍යංශය

0
26
views
කාන්තාවට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.මීට අමතරව මත් පැන් විකුණන හා අලෙවිකරන ස්ථානවල සේවය කිරීමටද පනවා තිබූ තහනමද ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති නිතිය අනුව කාන්තාවකට මත් පැන් මිලදී ගැනීමට නීතියෙන් අවසර නොතිබූ අතර මත් පැන් අලෙවිකරන ස්ථානවල සේවය කිරීමටද නීතියෙන් තනම්ව පැවතුනි .ප්‍රසිද්දියේ නොවුනත් රාත්‍රී සමාජ සාලා ඇතුළු අගනුවර කේන්ද්‍ර කරගත් මත් පැන් අලෙවිකරන බොහෝ ස්ථාන වල මෙම නීති පිළිබද කිසිදු සැලකිල්ලක් නොවුනි.ඇතැම් විට මෙම පුවත කියවන ඔබ එවැනි නීතියක් තිබු බව නොදන්නවාද විය හැක.

සංචාරක කර්මාන්තයෙන් අදායම් ලබන රටක් වන ශ්‍රී ලංකාවට මෙම නීති ලිහිල් කිරීම සුබදායක වනු බව අපගේ හැඟීමයි. මුදල් අමාත්‍යංශය මගින් මිට ඉහතදී බියර් මත පනවා තිබු බදු අඩු කිරීමද කැපී පෙනන සිදු වීමකි.මීට අමතරව සංචාරක හෝටල් ,ආපන ශාලා සඳහා බියර් /වයින් වැනි සැර අඩු මත් පැන් විකිණීම සඳහා අවසර ලබා දෙන්නේනම් එය සංචාරක කර්මතයට මහගු රුකුලක් වනු නොවනු මානය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here