ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? විමසුමක්

0
32
views

ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් පැවැත්වෙන විද්වත් කතිකාවක් ජනවාරි 16 අඟහරුවාදා පස්වරු 04.00 ට කොළඹ 08 කොටාරෝඩ් හි ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

දියකඩුවේ සෝමානන්ද හිමි, තාරුකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග, ගුප්ත විශ්වාස ගවේෂක මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මෙහිදී කෙටි දෙසුම් පවත්වනු ඇත.

තිලක් සේනාසිංහ විසින් රචිත මනරංජන මිථ්‍යා කථා කෘතියේ යාවත්කාලීන සංස්කරණය එළි දැක්වීමද මෙහිදී සිදුකෙරෙනු ඇත.

මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට නොමිලේ සහභාගී විය හැකි මෙම විද්වත් කතිකාව සංවිධානය කරනුයේ ශ්‍රී ලංකා හේතුවාදී සංගමය විසිනි.

ශ්‍රී ලංකික මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යන් මගින් මෙන්ම දේශපාලකයන් මගින්ද මිත්‍යාව වපුරන මෙවන් යුගයක පැවැත්වෙන මෙවෙනි විද්වත් කතිකාවන් සමාජයට මහගු සේවයක් කරනු ඇති බව අපගේ හැඟීමයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here