බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට නොදෙයි. ඒකාබද්දය සභා ගැබ මැද විරෝධතා.පාර්ලිමේන්තුව ගිණියම්..

0
14
views

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව කතානායක කරු ජයසුරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අද කැදවනු ලැබ ඇති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් කතානායකවරයා මේ බව දන්වා ඇත.

අද දිනයේ මෙම සැසිවාරය කැදවනු ලැබ ඇත්තේද බැදුම්කර වාර්තාව ගැන විවාද කිරීම සදහා අගමැතිවරයා විසින් කරනු ලැබූ විශේෂ ඉල්ලීමක් මතයි.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවති පක්‍ෂ නායක රැුස්වීමේදී තීරණය වී ඇත්තේ බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට අද දිනයේ ඉදිරිපත් කිරීමටත් එය ඉදිරිපත් වූ පසු විවාදය පැවැත්වෙන දිනය තීරණය කිරීමටත්ය.

මේ වන විට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ විරෝධතාවයේ යෙදී සිටිති. අගමැතිවරයා විසින් ඉදිරිපත් කල විශේෂ ප‍්‍රකාශයක ඔවුන් මෙසේ විරෝධතාව පල කර සිටිති.

පවතින උණුසුම් තත්වය නිසා පාර්ලිමේන්තුව කල් දැමීමට කතානායකවරයා තීරණය කලේය.
උපුටාගැනීමhttp://lankacnews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here