කථානායකට එරෙහි විස්වාසභංගයක්

0
12
views

කථානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට ඒකාබද්ධ විපක්‌ෂය සැලසුම් කර ඇත.

මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවන තත්ත්වය දක්‌වා පසුගිය බදාදා සභා ගැබෙහි කලහකාරී තත්ත්වයක්‌ උත්සන්න වූයේ කථානායකවරයාගේ වරදින් බවද ඊට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව ද ඒකාබද්ධ විපක්‌ෂයේ මතය බව එහි මන්ත්‍රීවරයෙක්‌ කීවේය.

ඒකාබද්ධ විපක්‌ෂය විසින් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට මේ වන විටත් තීරණය කර ඇතැයි කී හෙතෙම ඒ සමගම කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් කරන බවද කීවේය.

පක්‌ෂ නායක රැස්‌වීමේදී එකඟවන ඇතැම් කාරණා කථානායකවරයා මුලසුනට පැමිණි පසු වෙනස්‌ කරන බවද කී හෙතෙම අපක්‍ෂපාති විය යුතු කථානායකවරයා එක්‌සත් ජාතික පක්‌ෂයට වාසි වන ලෙස පක්‌ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින බවද කීය. මේ නිසා කථානායක කරු ජයසූරිය මහතා කෙරෙහි ඇති විශ්වාසය වී ඇතැයි කී හෙතෙම පාර්ලිමේන්තුව දිනෙන් දින හෑල්ලුවට ලක්‌ කිරීමට හෙතෙම දායක වී ඇතැයිද කීය.

ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන සියලු පක්‌ෂවල මන්ත්‍රීවරුන් මෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණ ද ආණ්‌ඩු පක්‌ෂයේ සිටින ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන්ටද කථානායක කරු ජයසූරිය මහතා කෙරෙහි ඇති විශ්වාසය පළුදු වී ඇතැයි ද ඉහත මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here