බැඳුම්කර සිද්ධියේ සැකකරුවෙන් තිදෙනෙක් නම් කෙරේ… මාමා බෑනාට වැඩ වරදී…

0
102
views

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කසුන් පාලිසේන, අර්ජුන් ඇලෝසියස් සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන මහත්වරුන් තිදෙනා අද බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කරනු ලැබුවේ ය.
ඒ, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු වාර්තා කරමිනි.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට නියෝග කළේ, ලබන 15 වන දාට පෙර දිවයිනට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ය.

ඒ බව අර්ජුන මහේන්ද්‍රන් මහතාට දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවේ ය.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කළේ ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here