මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වීමට සිංගප්පූරු ජාත්‍යන්තර පොලිසිය හරහා නොතීසි නිකුත් කිරීමට නියෝග

0
16
views

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්‌ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන තිදෙනා මහා භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්‌ෂණවල සැකකරුවන් ලෙස අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02 දා) නම් කරනු ලැබූහ.

එම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‌ෂණ සිදුකරන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව බී. වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධයෙන් මෙතෙක්‌ සිදුකළ පරීක්‌ෂණවලදී එම තිදෙනා එකී වංචාවට Rජුවම සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එම නඩුවේ සැකකරුවන් ලෙස ඔවුන් නම්කරන බව අධිකරණයට පෙන්වා ඒ අනුව සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයාට ලබන 15 වැනි දිනට පෙර ශ්‍රී ලංකාවට පැමිණ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාදෙන ලෙස දන්වා සිංගප්පූරු ජාත්‍යන්තර පොලිසිය හරහා නොතීසි නිකුත් කිරීමට නියෝගයක්‌ නිකුත් කළ කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔහු ශ්‍රී ලංකාවට පැමිණිය හොත් වහාම අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙසට ආගමන විගමන පාලකවරයාට නියෝග කළේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සතු සියලුම නිශ්චල හා චංචල දේපළ වෙනත් කිසිදු පාර්ශ්වයකට පැවරීම වළක්‌වමින් නියෝගයක්‌ නිකුත් කළ මහෙස්‌ත්‍රාත්වරිය පර්පෙචුවල් සමාගම සතුව තිබෙන බැඳුම්කර ගනුදෙනුවලට අදාළ සියලුම ලේඛනවල මුල් පිටපත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ද එම සමාගමට නියෝගයක්‌ කළාය.

2015 පෙබරවාරි 27 වැනිදා සිට 2016 මාර්තු දක්‌වා පර්පෙචුවල් සමාගම බැඳුම්කර ගනුදෙනුවලින් උපයාගත් වත්කම් පිළිබඳ සවිස්‌තර වාර්තාවක්‌ වහාම අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ද මහෙස්‌ත්‍රාත්වරිය එම සමාගමට නියෝග කළාය. එමෙන්ම එම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර ඇති අර්ජුන් ඇලෝසියස්‌ මහතාට හා කසුන් පලිසේන මහතාට විදේශගතවීම වළක්‌වමින් නියෝගයක්‌ නිකුත් කළ මහෙස්‌ත්‍රාත්වරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය මූල්‍ය මණ්‌ඩලය විසින් පර්පෙචුවල් සමාගමට අයත් බැංකු ගිණුම් දෙකක්‌ අත්හිටුවීමට මේ වනවිටත් ලබාදී ඇති නියෝගය කුමන හේතුවක්‌ නිසාවත් වෙනස්‌ නොකරන ලෙසට ද එහිදී නියෝගයක්‌ නිකුත් කළාය.

එහිදී නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා මහා භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් සකස්‌ කරන ලද විමර්ශන වාර්තාව අධිකරණයට භාරදීම සිදු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here