කුඩු ගහන්න ලක්ෂ ගණන් සොරකම් කල මත්කුඩ්ඩෙක් මාට්ටු…

0
14
views

කොළඹ අවට වැඩබිම් වල දේපළ සොරාගන්නා මත්කුඩු ලෝලියකු සොරාගත් රුපියල් ලක්‍ෂ 12 කට අධික වටිනාකමින් යුත් දේපළ සමඟ පසුගිය 02 වැනිදා අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

ලැබුණු තොරතුරකට අනුව සැකකරු රාජගිරිය ප්‍රදේශයේදී කොටුකරගෙන තිබේ.

35 හැවිරිදි සැකකරු රාජගිරිය බණ්‌ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු සොරාගත් දේපළ විවිධ පුද්ගලයන්ට ඉතා අඩුමිල ගණන් යටතේ අලෙවි කර තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඩි්‍රල් මැෂින්, ටයිල් කපන මැෂින්, වයර් ඇතුළු තවත් දේපළ පොලිස්‌ භාරයට ගෙන තිබේ.

සැකකරු වසර දෙකකට අධික කාලයක සිට නාවල, කොස්‌වත්ත, රාජගිරිය, මිරිහාන, මැදවැලිකඩ, නුගේගොඩ යනාදී ප්‍රදේශවල පිහිටි වැඩබිම් වලින් දේපළ සොරාගෙන ඇතැයි හෙළිවූ බවද පැවසේ.

මේ පිළිබඳව වැලිකඩ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුදත් අස්‌මඩල මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක අශෝක කුමාර මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here